About Us

about-image

1951 දී සිංහල, දෙමළ, මුස්ලිම් යන සමලේකම්වරුන් තිදෙනෙකුගෙන් සමන්විතව සමාරම්භ කරන ලද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සියලූ ජාතින්ට සමානත්වයෙන් හා ගරුත්වයෙන් කටයුතු කරන පක්ෂයකි. ථේරවාදී බෞද්ධ දර්ශනයේ මූලස්ථානය ලෙස සැලකෙන ශී‍්‍ර ලංකාව හමුවේ ඇති වගකීම හා කාර්ය භාරය කෙරෙහි ප‍්‍රමුඛස්ථානයක් ලබාදෙමින් අනෙකුත් සියලූම ආගම් කරෙහි ගරුත්වයකින් යුතුව කටයුතු කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිපත්තිමය වශයෙන් බැදී සිටී. එකී ප‍්‍රතිපත්තිමය බැදී සිටීම තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්ත සිංහල, බෞද්ධ පදනමක් ගොඩනැගී තිබේ. එය නොසැළී, නොබියව තව තවත් ශක්තිමත් කිරීම අප පක්ෂය සතු වගකීමක් ලෙසට ද සළකන්නේය. එවැනි වූ මහත් වගකීම් රැසක් දෑතින් ගෙන හිස මුදුනේ තබාගෙන අපගේ නායක මෛතී‍්‍රපාල තාරුණ්‍යය නම් රටක ජවයයි. ශක්තියයි. තරුණ්‍යය අසාධාරණය නොඉවසයි. පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය තුළ අප දුටුවේ ඒ යුක්තිගරුක තාරුණ්‍යයේ අධිෂ්ඨානයයි. ඉන් පසුව මේ ආණ්ඩුව තුළ ඇතැම් පාර්ශවයන් විසින් සිදු කෙරුණු දූෂණයට එරෙහිව නැගී සිටියේ ඒ තාරුණ්‍යයයි. තව ද, නව නිපැයුම්, නව අදහස් සහ ගෝලීය වශයෙන් සිදු වන ප‍්‍රවණතා පිළබඳවත්, නව අවස්ථා පිළිබඳවත් අපේ තාරුණ්‍යය අවබෝධයෙන් සිටී. රැුල්ලේ ගසාගෙන යාමට නොව, දිය වැලට පාර කියා දීමට හැකි තාරුණ්‍යයක් ගොඩ නැගීම පිණිස, තරුණයා සතු මෙකී ඍජු ගුණය රටේ සමෘද්ධියට යොදා ගැනීමට වේදිකාවක් නිර්මාණය කරනු වස්: සිරිසේන මැතිතුමා පක්ෂයත්, රටත් මේ මොහොත් මෙහෙයවමින් සිටී.