හෙට්ටිපොළ ගැටුම මර්දනය කිරීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කළ බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී. මහතා මේ බව ප්‍රකාශ කළේ අද පස්වරුවේශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ , මෙම සිදුවීම අවම කර ගැනීම සඳහා අති විශාල ජනතාවක් සමඟ තමන් දැඩි කැපවීමෙන් කටයුතු කළ බවයි . එවැනි තත්වයක් තුල ජාතිවාදය වැපිරීම සඳහා තමන් කටයුතු කළ බවට සමාජ ඔස්සේ ගෙන යන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවට පත්වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.නාමල් කුමාර වැනි පිටස්තර ප්‍රදේශවල පුද්ගලයින් හෙට්ටිපොළ නගරයට පැමිණ අතලොස්සක් මිනිසා අල්ලාගෙන ජාතිවාදය වැපිරීමට කටයුතු කිරීමට දරන ලද උත්සාහය දැඩි කැපවීම ඔස්සේ ත්‍රිවිධ හමුදාවේ සහය ඇතුව මැඩ පවත්වා ගැනීමට හැකියාව ලැබුනු අතර මුස්ලිම් ජනතාවට හානියක් නොවන ආකාරයට ප්‍රශ්න විසඳාගැනීමට හැකියාව ලැබුණ බව ද ඒ මහතා මෙහිදී සඳහන් කළේය. කෙසේ නමුත් පටු වාසි අපේක්ෂාවෙන් අන්තවාදය වපුරන පිරිස් වෙත දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවක් පුද්ගලයන්ගේ තරම තිරම නොබලා නීති ක්‍රියාත්මක කිරීම සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය.මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම්සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ අතිගරු ජනාධිපතිතුමන්ගේ චින සංචාරය හරහා විශාල ජයග්‍රහණ රැසක් රටට ලබා ගත හැකි බවත් ඔවුන්ගේ ප්‍රධානතම ව්‍යාපාරයක් වන shangrila හෝටලයට සිදුවූප්‍රහාරය සම්බන්ධයෙන් චීන ජනතාව කම්පා වන මොහොතේ ජනාධිපතිතුමා විශේෂ ආර්ථික සමුළු තුනකට චීනයේ දී සහභාගීවීමට නියමිත බවත් ඒ හරහා සුවිශාල ජයග්‍රහණයක් ලැබෙන බවත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here