සුරක්ෂිත මව්බිමක් ආරක්ෂිත වැඩබිමක් යන තේමාව යටතේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම සංකේතාත්මකව සැමරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති තීරණය කර ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් රංජිත් සියඹලාපිටිය මහතා කර සිටී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.අපගේ වෘත්තීය සමිති කළ ඉල්ලීමක් අනුව පසුගියදා සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ කම්කරු ජනතාව සිහිපත් කරමින් මෙම සංකේතාත්මක සැමරුම සිදු කිරීමට අපි තීරණය කළා.මේ වන විට රටේ ආරක්ෂාව තහවුරු කොට තිබෙනවා. අතිගරු ජනාධිපතිතුමන් පිහිටවූ ස්වාධීන කොමිෂන් සභාව සිය කටයුතු ආරම්භ කොට තිබෙනවා .ඒ අනුව නියමිත දිනවලට ඔවුන් වාර්තාව ලබා දේවි.ජනාධිපතිතුමන්ගේ කාර්යභාරය මේ වනවිට එතුමන් ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කරමින් සිටී.මේ අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාඅතිගරු ජනාධිපතිතුමන් පිහිටවූ කමිටුව මේ වනවිට පරික්ෂණ කටයුතු ආරම්භ කොට තිබෙනවා. අදාළ නිලධාරීන් ප්‍රශ්න කළ යුතු පුද්ගලයන් රැසකගෙන් ඔවුන් අවශ්‍ය කටයුතු සිදුකොට තිබෙනවා ආරක්ෂාව පදනම් කරගෙන සමහර කාරණා අපට කියන්න බැහැ. නමුත් අ වශ්‍ය කටයුතු සියල්ල සිදු වෙනවා.අපි මැයි දිනය සමරන්නේ සංකේතාත්මකව එමෙන්ම. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය කම්කරු ජනතාව සිහිපත් කරමින් ඒ අයට විප්ලවීය ආචාරය දක්වන්නයි.මේ අවස්ථාවට වෘත්තිය සමිති නායක රෝයි පෙරේරා ඇතුළු වෘත්තිය සමිති නායකයින් රැසක් සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here