සමෘද්ධි ලබාදීමේදී නිවැරදි පිළිවෙතින් බැහැරව කටයුතු කරන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී .ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා ප්‍රකාශ කළේ සමහර ජාතිවාදී පිරිස් එකතු වී සිංහල සහ මුස්ලිම් සමාජය අතර බෙදීම් ඇති කිරීමට කටයුතු කරන බවයි. නමුත් දේශපාලඥයන් වශයෙන් සමාජයට එවැනි අගතිගාමී තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධව පොලිසිය මගින් අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරගෙන යන බවත් නීතිමය ක්‍රියාවලියක පවතින හෙයින් ඒ සම්බන්ධව අදාළ අංශ අපක්ෂපාතීව කටයුතු කරන බවත්ය.

ඉතාම කෙටි කලක් තුළ රට තුළ නීති හා සාමය මේ වනවිට ස්ථාපිත කර ඇති බවත් අතිගරු ජනාධිපති තුමාගේ නායකත්වය ඒ කටයුතු නිවැරදිව සිදුවූ බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

28/05/2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here