ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට සම්මේලනයට අතිවිශාල ජනතාවගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ එළඹෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බවත් ඒ සඳහා ඕනෑම කැපකිරීමක් තුළින් පක්ෂය ජයග්‍රහණය කරා මේ වීමට කටයුතු කරන බවත් ය.

මේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් හින්ද අමරවීර මැතිතුමා ප්‍රකාශ කළේ සියලු බලවේගයන් ඒකරාශී කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යග්‍රහණය කරා මෙහෙයවන බවයි.

මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලුම ආසන සංවිධායකවරුන් සහභාගිවී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here