ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් සම්මේලනය අති උත්කර්ශවත් ද 10අද පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

අතිවිශාල ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති මෙම සම්මේලනයට බදුලු දිස්ත්‍රික් නායක නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා හා ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා ඇතුළු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වරුන් ඇතුළු
විශාල පිරිසක් සහභාගී විය.

ලංකා නිදහස් පක්ෂ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම

සම්මේලනයේදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා

අපේ එකම අරමුණ මෛත්‍රීපාල ජනාධිපතිතුමා මහින්ද ජනාධිපතිතුමා එකට එකතුකොට සුවිශාල ජනබලවේගයක් ගොඩනැගීම .ඒ සඳහා අපි නිරන්තරයෙන් කැප වෙනවා මේ සියලුම සංවිධාන කටයුතු ඒ ජනබලවේගය ගොඩනැඟීම සඳහා යොදාගන්න .අපට පුතේ මගක් ඇතේ ඒ මග මිස නොයන් පුතේ.

අපි යන්නේ හරි මග අපි යන මාවත වරදින්නේ නැහැ ඒ තුළින් ළැඹෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න අපට හැකියාව තිබෙනවා

මෙම අවස්ථාවේදී දිස්ත්‍රික් නායක නිමල් සිරිපාල ද සිල්වා ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් හිටපු. අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහතුන් අදහස් ප්‍රකාශ කරන ලදි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here