ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව අති සාර්ථකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැත්විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර..කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් සහභාගීවී සිටියහ.

මේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා

අප පක්ෂය රැකගනිමින් ඉදිරියට රැගෙන යාම මෙම මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ වගකීම ඒ වගකීම ඉටුකිරීම සඳහා අපි දිවිහිමියෙන් කටයුතු කරනවා

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා…

කවුරු මොනවා කිව්වත් පි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැකගෙන ඉදිරියට රැගෙන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැකගෙන ඉදිරියට එන ඕනෑම මැතිවරණයකදී ආණ්ඩුවක් පිහිටීමේ හැකියාව තිබෙනවා. නිසා අපි අපේ පක්ෂය ශක්තිමත් කිරීමේ ජාතික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යනවා. පොහොට්ටුවත් එක්ක සාකච්ඡා කරනවා නමුත් අපි අපේ පක්ෂයේ අනන්‍යතාවය ඒ තුල රැකගනිමින් තමයි කටයුතු කරන්නෙ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here