රට වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි තීරණ ගන්නා බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා

පසුගිය කාලවකවානුව තුළ සමාජ මාධ්‍ය තුළින් අනියත බියක් ඇති කරන ප්‍රවෘත්ති ප්‍රචාරය වුණා ඒ නිසා ජනතාව අතර සාමාන්‍යයෙන් සම ජීවිතය පිළිබඳව ඇතිවුණේ ගැටලුකාරී තත්ත්වයක් නමුත් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ආරක්ෂක අංශ මේ වනවිට සියල්ල පාලනය කොට තිබෙනවා එවැනි වකවානුවක් තුළ තමයි අපි කටයුතු කරන්නේ ත්‍රස්තවාදීන්ගේ පුපුරණ ද්‍රව්‍ය අාරක්ෂක නිවාස මේ සියල්ල මේ වන විට සොයාගෙන තිබෙනවා ඒ විතරක් නෙවෙයි ගත යුතු අරක්ෂක ක්‍රියාමාර්ග සියල්ලම මේ වනවිට අරන් වගේම සෝදිසි කිරීම් මේ වන විට සිදු වෙනවා.

හෙට්ටිපොළ ගැටුම සම්බන්ධයෙන් මම කලිනුත් මාධ්‍යයට කරුණු ඉදිරිපත් කළා. ඉතාම පැහැදිලිව මම කියන්නේ ජාතිවාදී නොවී මේ ගැටලුව මා විසඳීමට කටයුතු කළේ රටත් සාමාන්‍ය ජනතාවත් ආරක්ෂා කරගෙන සැබෑවටම රටට ජාතියට ආදරය කරන පුද්ගලයෙකු හැටියට. ඒ නිසා දේශපාලකයන් විදිහට අපි බුද්ධිමත් තීරණ ගත යුතුයි ඇතිවෙන්න ගිය මහා විනාශයක් මගේ මැදිහත්වීම නිසා නවත්තා ගන්න පුළුවන් වුණා නමුත් විවිධ දේශපාලන වාසි ගන්න උත්සාහ කරන ඇතැම් පිරිස් කරුණු විකෘති කරමින් ප්‍රචාරය ගෙන යන්න කටයුතු කරනවා. සත්‍යය මේ වනවිට හෙළි වී අවසන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here