මද්රසා පාසල් නීතිගත කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනී.මද්රසා පාසල් වල උගන්වන විෂය නිර්දේශයන් පිළිබඳව නිවැරැදි අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් සිංහල භාෂාව සිහිත්‍යය වැනි විෂයන් එම පාසල්වල විෂය නිර්දේශය සඳහා ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම එහි සේවය කරන ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ වැටුප් ලබන සේවකයන් බවට පත්කර නිවැරදි ක්‍රමවේදයක් යටතේ පාසල් පරිපාලනය කිරීමට යුතු කිරීම අත්‍යවශ්‍යයි ඒ තුළින් මේ ඇතිවී තිබෙන ගැටළුවට විසඳුමක් සෙවීමට හැකියාව ලැබෙනවාඑමෙන්ම මේ මොහොත වනවිට රට යථා තත්ත්වයට පත්වීම තිබෙනවා එහිදී අසත්‍ය ප්‍රචාර කරමින් ඇතැමුන් දේශපාලන වාසි ගන්න හදනවා අපි මෙහිදී මතක් කළ යුතුයි අතිගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ඉතාම කෙටි කාලයක් තුළ මේ අර්බුදය මර්දනය කර ගන්න අපට හැකියාව ලැබුණා එහිදී පරීක්ෂාකිරීමේදී යම් යම් අපහසුතාවයන් ඇති වන්න පුළුවන් නමුත් අපි අද රට සාමාන්‍ය තත්ත්වයට රැගෙන එමින් පවතිනවා.මෙහිදී අදහස් දැක්වූශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් රංජිත් සියඹලාපිටිය මහතාරට සාමාන්‍ය තත්ත්වයට පත්වී තිබෙනවා එවැනි වාතාවරණයක් තුළ පාසල් දරුවන් පාසැල් වලට පැමිණීම අඩුවක් තිබෙනවා නමුත් මේ සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් අපි රට යථා තත්ත්වයට පත්කිරීමේ භාරදූර කාර්යය නියැලී සිටීම එහිදී ඉවසීමෙන් යුතුව වගකීමෙන් යුතුව සියලු ජාතීන් කටයුතු කළ යුතුයි ඒ තුළින් තමයි අපට මේ ඇති වී තිබෙන අර්බුදය ගොඩ ඒමට හැකියාව ලැබෙන්නේ මීගමුවේ වැනි සිද්ධි තවදුරටත් ඇතිනොවීමට ආරක්ෂක අංශ මෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීම යටතේ සියලු කටයුතු අපි සම්පාදනය කරනවා එනිසා රටේ පුරවැසියන්ට බරපතළ වගකීමක් තිබෙනවා මේ සියල්ල රැකගන්න රැකගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here