දිවි පරදුවට තබා රට බේරා ගැනීමට තමන් සූදානම් බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ප්‍රකාශ කර සිටී. එතුමන් මේ බව ප්‍රකාශ කළේ
ශ්‍රීලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති එකමුතුව ශ්‍රීලංකා පදනම් ආයතනයේ දී සංවිධානය කරන ලද මැයි දින සංකේතාත්මක සැමරුමට සහභාගී වෙමිනි සහභාගී වෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රකාශ කළේ වේදනාව තුළින් යග්‍රහණය කරා ගමන් කළ යුතු බවයි. ඒ සඳහා නිවැරැදි නායකත්වය ලබාදෙමින් රටේ ජනතාවට වඩා යහපත් හෙට දිනක් නිර්මාණය කිරීම තමන් කැප වන බව ද ජනාධිපතිතුමන් මෙහිදී ප්‍රකාශ කරන ලදී.මෙම අවස්ථාවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ නායකයින් රැසක් සහභාගී වූ අතර දිනේෂ් ගුණවර්ධන මහාචාර්ය තිස්ස විතාරණ, අතාවුල්ලා මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයින් රැසක්ද මේ අවස්ථාවට එක්විය.ලෙස්ලි දේවෙන්ද්‍ර, රෝයි ද මෙල්, ඇතුළු කම්කරු නායකයන් රැසක් ද මේ අවස්ථාවට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here