තමන්ගේ බලය අඩු කිරීමට කටයුතු කළ එකම නායකයා ෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටී . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී වරයා ප්‍රකාශ කළේ. පක්ෂයත් මන්ත්‍රී වරුන් ආරක්ෂා කරගනිමින් මෙවර අය වැයේදී ඡන්දය දීම පිළිබඳ තීරණ ගත් බවයි.

එමෙන්ම ඉතිහාසය සාර්ථකව මැයි රැලිය ගම්පහදී පැවැත්වීමට කටයුතු කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් සංවිධායක අසංක එදිරිවීර, ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අජිත් බස්නායක යන මහතුන් හා තරුණ පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක ලකිඳු ගජසෙන් යන මහත්වරුද මේ අවස්ථාවට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here