කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අද පෙරවරුවේ වාද්දුව සෆ්රෝන් හෝටලයේදී පැවැත්විණි අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතීඥ දයාසිරි ජයසේකර නිමල් සිරිපාල ද සිල්වා මහින්ද සමරසිංහ යන මන්ත්‍රීවරුන් සහභාගි වියමෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාරටේ ජනතාවගේ ආදරය ලැබූ ජනතාව ආදී පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය ජනතා අභිමතාර්ථයන් ගොඩනැඟීම සඳහා නිරන්තර කැපවීමෙන් කටයුතු කරනු ලබනවා ජාති ආගම් කුල පන්ති භේදයකින් තොරව සැබෑවටම ජනතාව වෙනුවෙන් කැපවුණු පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයිතව නොබෝ දිනකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනගනවා ඒ සඳහා අවශ්‍ය ජනබලවේගය සකස් කිරීම මෙම නියෝජිත සම්මේලනයේ අරමුණ බවට පත් වී තිබෙනවා අපේ මැද මාවතේ ගමන් කරන පක්ෂයක් විදියට රටට සේවය කරන්නට පැකිලෙන්නේ නැහැ ඒ උදාර පරමාර්ථ ඉටු කරමින් ඊයේ ජනාධිපතිතුමා පැවසූ පරිදි එළඹෙන මහ මැතිවරණයේදී අපි නියත විජයග්‍රහණයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙය වන්නට සූදානම් බවයි.මෙම අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා මහින්ද සමරසිංහ මහින්ද අමරවීර යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් සහ කලුතර දිස්ත්රික්කයේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here