අතිගරු ජනාධිපතිතුමන් පිළිබඳව වැරදි තොරතුරු ජනතාවට ලබාදීමට කිරිඅල්ල අමාත්‍යවරයාගේ නායකත්වයෙන් කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටි. මහතා මේ බව ප්‍රකාශ කළේය අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

අතිගරු ජනාධිපතිතුමන් ඉතාම කෙටි කාලයක් තුළ ඇතිවුණු අර්බුදයට විසඳුම් සොයා තිබෙන වේලාව එතුමාගෙ කීර්තියට හානි පැමිණවීම සඳහා මෙවැනි පහත් ක්‍රියාවන් වල යෙදීම කණගාටුවට කරුණක් එමෙන්ම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදිහට කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු විසින් මෙවැනි තත්ත්වයක යෙදීම කොයිතරම් දුරට ගැලපෙන්නේද යන්න අප සොයා බැලිය යුතුයි.

අතිගරු ජනාධිපතිතුමන් පොලිසිය භාර ගෙන මාස හතරකට පමණ කාලයක් ගත වෙන්නේ ඊට පෙර අමාත්‍යංශය කෙරේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇමතිවරු එවැනි තත්වයක් තුල ඔවුනුත් මෙයට වගකිව යුත්තන් බව එමෙන්ම ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් ව සිටි බව අපි අනිවාර්යෙන්ම දන්නවා

ඒ නිසා මොවුනුත් මේවා දැන දැන ජනතාවට ඉදිරිපත් කළේ නැහැ

මෙහිදී අදහස් ඉදිරිපත් කළ ශාන්ත බණ්ඩාර මැතිතුමා

අතිගරු ජනාධිපතිතුමන්ගේ දුරදර්ශී ක්‍රියාකලාපය යටතේ මත් උවදුර දුරලමින් රටේ ජනතාවට වඩා යහපත් හෙට දිනක් නිර්මාණය කරමින් තිබෙන මොහොතක

ජනතාවට වැරදි තොරතුරු ගෙන යාම කොයිතරම් පහත් ක්‍රියාවක්ද යන්න අප මෙහිදී සලකා බැලිය යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here