කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සමූළුව ට අතිවිශාල ජනකායක් සහභාගී වූ අතර කුරුණෑගල සණස ශාලාවේදී පැවැති මෙම සම්මේලනයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ජයග්‍රහණය ලැබූ මන්ත්‍රී වරු සහ මන්ත්‍රීවරියන් ද සහභාගි විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ පැවැත්වීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සියලුම දෙනාම පාහේ එක්ව සිටියහ

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ඒ පක්ෂයේ අභිවෘද්ධිය සඳහා නිරන්තරයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා ජයග්‍රහණය කරවීමට නිසා බවත් ඒ සඳහා අප පාක්ෂිකයන් නිරතුරු සූදානමක ලක් කළ යුතු බව ඒ මහතා ප්‍රකාශ කර සිටියා

මෙම අවස්ථාවට එක්වෙමිනි ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දඹදෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ පක්ෂ යම් යම් කාලවලදී බිඳවැටීම සිදු වුවද එකමුතුව සමගියෙන් කටයුතු කිරීම තූළින් අපේ ගැටලු විසඳාගත හැකි බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here