කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන සමුළුව අද පස්වරුවේ රුවන්වැල්ලේ දී පැවැත්වූ අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් කෑගල්ල දිස්ත්‍රික් නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් රංජිත් සිඹලාපිටිය වෘත්තීයවේදීන්ගේ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් සංවිධායකවරුන් පසුගිය පළාත්පාලන මැතිවරණයට ඉදිරිපත්වූ අපෙක්ෂක අපේක්ෂිකාවන් සහ පත්වූ මන්ත්‍රීවරුන් සභාපතිවරුන් මේ අවස්ථාවට එක්වී සිටියහ

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා

අපේ පක්ෂය ක්‍රමවත් මාවතක් ඔස්සේ රැගෙන යනවා එළඹෙන මැයි මාසයෙන් පසුව දිවයින පුරා අති ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛකොට විශේෂ සංවිධාන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක නොව

ඒ තුළින් පක්ෂය වඩාත් ශක්තිමත් වේවි.

මේ අවස්ථාවට එක්වෙමින් අදහස් ඉදිරිපත් කළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් රංජිත් සියඹලාපිටිය මැතිතුමා

අපි පක්ෂයේ අමාරු ඕනෑම මොහොතක පක්ෂය සමග එකට සිටිමින් පක්ෂයත් පාක්ෂිකයනුත් රැකගැනීමට ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් කටයුතු කරන්න සූදානම් කවදත් කෑගල්ලේ ප්‍රගතිශීලී ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔසවා තැබීමට කටයුතු කළා ඒ ගැන සැකයක් නැහැ අපි හෙට දවසේ පක්ෂය වෙනුවෙන් කැප වෙන්න සූදානම්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here