එක රටක් පොදු නීතියක් යටතේ රට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීමට පාර්ලිමේන්තුවේ අාරක්ෂක ආංශික කමිටුව හරහා කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරවරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනිමෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විදියට එකට එකතු වී සාකච්ඡා කොට මෙම යෝජනාවලිය සකස් කරනු ලැබුවා.එය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමග සාකච්ඡා කොට ඔවුන්ගේත් අදහස් රැගෙන ඉතා කඩිනමින් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවාමෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා , එක රටක් පොදු නීතියක් යටතේ රටේ ක්‍රියාත්මක විය යුතුය ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අඩුපාඩුකම් තිබෙනවා නම් අනිවාර්යෙන්ම සකස් විය යුතුයි ඒ සඳහා අපි කැපවීමෙන් කටයුතු කරනු ලබනවා. මෙම අවස්ථාවටශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here