එක්සත් ජනතා නිදහස් සන්ධානය රට සුරකින කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් හින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන ලදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ
ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම පක්ෂ
ශ්‍රීලංකාවේ ස්වෛරීභාවය

භෞමික අඛණ්ඩතාවය රැකීම සඳහා පෙරමුණ ගන්නා බවයි එක රටක් එක නීතියක් යටතේ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා

ප්‍රකාශ කළේ එක රටක් එක නීතියක් යටතේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවයි. එමෙන්ම දඩුවම් කළ යුත්තන්ට දඬුවම් කරමින් නිවැරැදි වැඩපිළිවෙළක් රටට ඇති කිරීම සඳහා වගකීමෙන් කටයුතු කරන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය

අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන් විවිධ ආයතන වලට විවිධ පුද්ගලයන්ට කතා කිරීමට සිදුවන බවත් ඒ හරහා චෝදනා නැගීම යුක්ති සහගත නොවන බවත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here