ඉල්ලා අස් වූ මූස්ලිම් අමාත්‍යවරුන්ගේ තනතුරු වහාම පුරවා ජනතාවට රටට සේවය කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා ඉල්ල අස්වු අමාත්‍යවරුන් වෙනුවෙන් වහාම අමාත්‍යවරුන් පත් කිරීමට කටයුතු කර මේ නාටකය අවසන් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ප්‍රකාශ කරයි .එමෙන්ම ජනතාවට සේවය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම රජයේ වගකීම බව ද ඒ මහතා ප්‍රකාශ කළේයසමුර්ධි ව්‍යාපාරය හරහා ලාභීන්ලක්ෂ හයකට ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන යටතේ විශාල මූල්‍ය නාස්තියක් සිදුවන බවත් ඒ පිළිබඳ තොරතුරු ළඟදීම හෙළි කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.එමෙන්ම විදුලිබල අමාත්‍යාංශයේ ඇතිවී තිබෙන වංචා සම්බන්ධයෙන් තොරතුරු ඉදිරි දින කීපය තුළ ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ලසන්ත අලගියවන්න වීරකුමාර දිසානායක යනපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කැලණි ආසන සංවිධායක රෙහෙන්සිරි වරාගොඩ යන මහත්වරු සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here