ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක බලවේගය බවට පත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර සිටී. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට එක්වෙමිනිමෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා ලංකා නිදහස් පක්ෂය කවදත් ගාමක බලවේගයක් සහිත පක්ෂයක් ඒ නිසා කවුරු මොනවා කිව්වත් ලංකා නිදහස් පක්ෂය වටා ගොනු වූව අති බහුතර පිරිසක් සිටිනවා .එනිසා ඕනෑම මැතිවරණයකට සාර්ථකව තීරණාත්මක බලවේගය බවට පත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයි.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නායිකා ආරියවතී ගලප්පත්ති මහත්මිය ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේආසන සංවිධායකවරුන් සහ පසුගිය පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here