අය-වැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය හෙට ලබාගන්නා බව තරුණ පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ මොහොත වන විට ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කටයුතු කරමින් සිටිනවා එහෙත් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය තුළ රටේ ජනතාවට නිසි ලෙස සේවය කිරීමේ ජාතික වැඩසටහන් රාශියක් ඇතුළත් මත්ද්‍රව්‍ය නිවාරණය වකුගඩු නිරෝගී වැඩසටහන ජනාධිපති අරමුදල සියල්ල තියෙන්නේ ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය තූල මේ ගැන අවබෝධයක් නොමැති ජනප්‍රිය දේශපාලන කතා කියන සමහර මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමන්ගේ වැය ශීර්ෂය පරාජය කරන බවට වහසි බස් දොඩනවා

නමුත් අපි පැහැදිලිව කියන්නේ වැය ශීර්ෂය පුලුවන්නම් පරාජය කරන

ලෙස ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය කරන්නට උත්සාහ දන්නවාට වඩා අයවැය ජයග්‍රහණය කරගැනීමට පුලුවන්නම් ජන බලය හදා ගන්නා ලෙස අපි ඔවුන්ට අභියෝග කරනවා මෙම අවස්ථාවට තරුණ පෙරමුණේ මාධ්‍ය ලේකම් ලකිඳු ගජසෙන් යන මහත්වරුන්ද සහභාගී විය.

11/03/2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here