එළැඹෙන ඕනෑම මැතිවරණයකට එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව ඒ මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි .මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා ඊයෙ ජනාධිපතිතුමා ප්‍රකාශ කළා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ගෞරවය ආරක්ෂා වන විදියේ වැඩපිළිවෙළකට ඉදිරි මැතිවරණ වලදී ටයුතු කරන බවත් ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එළැඹෙන ඕනෑම මැතිවරණයකට පූර්ව සූදානමක් සහිතව මූණ දෙන්න සූදානම්.එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ගෙනඑන ඌන උපයෝගිතා පනත අපි තදින්ම විරුද්ධව ක්‍රියාත්මක වෙනවා ඒ නිසා රජයේ දේපල කාටවත් පවරා දෙන්න අපි කටයුතු කරන්නේ නැහැ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරු දැක්විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here