ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරියට රැගෙන යාම මෙම සම්මේලන හරහා සිදුවන බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොලොන්නරුව දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමිනි.

මෙම වර්ෂය මැතිවරණ වර්ෂයක් ජනාධිපතිවරණයක් පැවැත්වීමට බලය තිබෙන්නේ මටයි. එය නියමිත කාලයේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු මා විසින් සිදු කරනු ලබනවා එක්සත් ජාතික පක්ෂයේ උදවිය ඒ ගැන බොරුවට කතා කළාට වැඩක් නැහැ . දයාසිරි ජයසේකර අපේ මහ ලේකම්තුමා ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කියමන වෙනස්කල දක්ෂ තරුණ නායකයෙක් එනිසා අද දවසේ පක්ෂයේ ඉදිරි ගමන් මග ගොඩනැඟීම සඳහා විශාල දායකත්වයක් සපයනු ලබනවා අපි පක්ෂයක් විදිහට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් අභියෝග තුලින් තමයි යග්‍රහණ ලැබෙන්නේ ඒ ජයග්‍රහණ වගේම පිරිසිදු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා මා කැපවීමෙන් කටයුතු කරනු ලබනවා ඒ නිසා තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට මා විසින් දූෂණ සොයන කොමිසමක් පත්කරනු ලැබුවේ එහි කටයුතු ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි ඒ අනුව දූෂණ වැරදි වංචා කරපු උදවියගේ තොරතුරු අපට හෙළි කරගන්න පුළුවන් වේවි

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමා. අපි අද පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පටන් ගත්තේ පක්ෂයේ ගොඩනැගීමේ බහුතර කාර්යභාරය තුලින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පංච මහා බලවේගයෙන් එක් කළ පක්ෂය විදිහටයි කවදත් පොදු ජනතාවගේ හද ගැහෙන රිද්මය හඳුනාගත් පක්ෂය විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජනතාවට සැබෑ සේවය කළ ජනතාවාදී පක්ෂයයි. එහෙයින් අපි පක්ෂයේ සන්නිවේදන කටයුතු පුළුල් කරමින් ප්‍රවර්ධනය කිරීමටත්, ග්‍රාමීය මට්ටමේ ජනතාව තුළ පක්ෂය පිබිදීම තවදුරටත් වර්ධනය කිරීම අපි බලාපොරොත්තු වෙනවා එන ඕනෑම මැතිවරණයකට අපට මුහුණ දීමට හැකියාව තිබෙනවා. අපේ අපි එ.ජා.ප.යට අභියෝග කරනවා හැකිනම් හැකිනම් ඉදිරියේ මැතිවරණයක් තනිව ජග්‍රහණය කර පෙන්වන්න කියා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here