1951 දී සිංහල, දෙමළ, මුස්ලිම් යන සමලේකම්වරුන් තිදෙනෙකුගෙන් සමන්විතව සමාරම්භ කරන ලද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සියලූ ජාතින්ට සමානත්වයෙන් හා ගරුත්වයෙන් කටයුතු කරන පක්ෂයකි. ථේරවාදී බෞද්ධ දර්ශනයේ මූලස්ථානය ලෙස සැලකෙන ශී‍්‍ර ලංකාව හමුවේ ඇති වගකීම හා කාර්ය භාරය කෙරෙහි ප‍්‍රමුඛස්ථානයක් ලබාදෙමින් අනෙකුත් සියලූම ආගම් කරෙහි ගරුත්වයකින් යුතුව කටයුතු කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිපත්තිමය වශයෙන් බැදී සිටී.

එකී ප‍්‍රතිපත්තිමය බැදී සිටීම තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්ත සිංහල, බෞද්ධ පදනමක් ගොඩනැගී තිබේ. එය නොසැළී, නොබියව තව තවත් ශක්තිමත් කිරීම අප පක්ෂය සතු වගකීමක් ලෙසට ද සළකන්නේය.

එවැනි වූ මහත් වගකීම් රැසක් දෑතින් ගෙන හිස මුදුනේ තබාගෙන අපගේ නායක මෛතී‍්‍රපාල තාරුණ්‍යය නම් රටක ජවයයි. ශක්තියයි. තරුණ්‍යය අසාධාරණය නොඉවසයි.

පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය තුළ අප දුටුවේ ඒ යුක්තිගරුක තාරුණ්‍යයේ අධිෂ්ඨානයයි. ඉන් පසුව මේ ආණ්ඩුව තුළ ඇතැම් පාර්ශවයන් විසින් සිදු කෙරුණු දූෂණයට එරෙහිව නැගී සිටියේ ඒ තාරුණ්‍යයයි. තව ද, නව නිපැයුම්, නව අදහස් සහ ගෝලීය වශයෙන් සිදු වන ප‍්‍රවණතා පිළබඳවත්, නව අවස්ථා පිළිබඳවත් අපේ තාරුණ්‍යය අවබෝධයෙන් සිටී. රැුල්ලේ ගසාගෙන යාමට නොව, දිය වැලට පාර කියා දීමට හැකි තාරුණ්‍යයක් ගොඩ නැගීම පිණිස, තරුණයා සතු මෙකී ඍජු ගුණය රටේ සමෘද්ධියට යොදා ගැනීමට වේදිකාවක් නිර්මාණය කරනු වස්: සිරිසේන මැතිතුමා පක්ෂයත්, රටත් මේ මොහොත් මෙහෙයවමින් සිටී.

නවතම පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු...

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා...

“#එකටසිටිමු” සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප‍්‍රසංගය ජනපති ප‍්‍රධානත්වයෙන්.

“එක්ව සිතන්න, එක්ව හැදෙන්න” තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමී ව දියත් කෙරුණු “#එකටසිටිමු” ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික...

මෙම වසර මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනිමට එකට...

පරිසරය සුරැකීම වෙනුවෙන් ජනපතිගෙන් තවත් වැදගත් තීන්දුවක් ගස් කැපීමට භාවිත කරන කුඩා චේන්ෂෝ යන්ත‍්‍රයේ සිට විශාල යන්ත‍්‍රය දක්වා...

කිරිඇල්ල තියරියෙන් අර්ජුන් මහේන්ද්‍රන්ව පුලුවන්නම් ලංකාවට ගෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර

තරුණි ගැටළු සඳහා ස්ථිරසාර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රිලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටි .ඒ මහතා...

ජන බලවෙගය සමග පක්ෂය ඉදිරියට. මහ ලේකම් නීතීඥ දයාසිරි ජයසේකර.. ...

කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අද පෙරවරුවේ වාද්දුව සෆ්රෝන් හෝටලයේදී පැවැත්විණි අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතීඥ දයාසිරි ජයසේකර...

කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුව අද වාද්දුව සෆ්රෝන්...

කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුව අද පස්වරු 2ට වාද්දුව saffron හෝටලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්...

අනාගත පරපුරට පිරිසිදු රටක් නිර්මාණය කරනවා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරියට රැගෙන යාම මෙම සම්මේලන හරහා සිදුවන බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටී ඒ මහතා මේ...

පලාත් සභා මැතිවරණයට සූදානම් වෙන්න

පලාත් සභා මැතිවරණයට සූදානම් වන ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කර සිටී. එතුමා මේ බව ප්‍රකාශ කළේ පොලෙන්නරැව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා...

නවතම පුවත්